31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමඟ රටක් දියුණු කළ නොහැකියි - ජනපති

කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමඟ රටක් දියුණු කළ නොහැකියි – ජනපති

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස තමා අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩු වෙනස් වුවද, ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමඟ කිසිවිටක රටක් දියුණුව කරා ගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.