32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවකට හදි කර රන් භාණ්ඩ කොල්ල කාලා

කාන්තාවකට හදි කර රන් භාණ්ඩ කොල්ල කාලා

නිවසකට ඇතුළු වී කාන්තාවක් දූෂණයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු සොයා වරකාපොල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස දූෂණයට ලක්වී ඇත්තේ 48 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය සංවර්ධන සහකාර නිලධාරිනියක ලෙස සේවය කරන බවයි.

මෙම පුද්ගලයා විසින් ඇයව දූෂණයට ලක් කර, ඇය පැළඳ සිටි කරාබු ජෝඩුව සහ ජංගම දුරකථනයද රැගෙන පලාගොස් ඇති බවයි ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනු ලබයි.