― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ.

පාර්ලිමේන්තුව ලබන 19 වන අඟහරුවාදා සිට 22 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර 19 වනදා සහ 20 වනදා පෙරවරු 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

19 වන අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි. පස්වරු 5 සිට 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව රෝහණදීර මහත්මිය සඳහන් කළා.

සැප්තැම්බර් 20 වන බදාදා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා (451 නව අධිකාරිය වූ) වන සංරක්ෂණ ආඥා පනත යටතේ අංක 2346/02 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි. ඉන්පසු පස්වරු 5 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා සහ 22 සිකුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.