බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 1,617ක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව. තනතුරු 71කට අදාළව නිලධාරින් 1,617කගේ පුරප්පාඩු පවතින බවයි
ඒ අනුව සහකාර බන්ධනාගාර අධිකාරි (පිරිමි) තනතුර සඳහා පුරප්පාඩු 31ක්, කළමනාකාර සේවා නිලධාරින් සඳහා පුරප්පාඩු 33ක්, හෙද නිලධාරි සඳහා පුරප්පාඩු 40ක්, ජේලර් (පිරිමි) සඳහා පුරප්පාඩු 75ක් , සැරයන්වරු 288ක් සහ බන්ධනාගාර නියාමකවරු 648ක් සඳහා පුරප්පාඩු පවතින එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා වන්නේ.