25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් ප්‍රදේශයේ පිපිරීමක් - දෙදෙනෙකුට තුවාල

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක් – දෙදෙනෙකුට තුවාල

මුලතිව්, මාන්කුලම, නීතිපුරම් ප්‍රදේශයේ ඊයේ (07) සිදුවූ පිපිරීමකින් දරුවෙක් ඇතුළු තවත් අයෙක් තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ මොවුන් දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් වයස අවුරුදු හයක දරුවෙක් හා 84 හැවිරිදි තවත් පුද්ගලයෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වුණේ.

වැඩිහිටි පුද්ගලයා සිය මුණුබුරා සමඟ දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ. සතුන්ට ඇට වූ බඳින තුවක්කුවක් එලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළකරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.