මේ වනවිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් පමණ අවසන් බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි පළමුවැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර සඳහන් කළේ.
වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 850 කි.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා අති නවීන දොඹකර 12 ක් සවිකිරීම ව්‍යාපෘතියේ පළමු අධියරේදි සිදු කරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.