27.2 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලි ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ ජපානය සමඟ සාකච්ඡා

විදුලි ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ ජපානය සමඟ සාකච්ඡා

ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ, මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල කටයුතු ඇගයීම පසුගියදා සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය අර්බුද හේතුවෙන් කටයුතු ඇණහිටී ඇති ව්‍යාපෘති පිලිබඳව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසිය ලබා දෙන තාක්ෂණික සහ මූල්‍ය සහය, අනාගත විදුලිබල උත්පාදන සැලසුම් පිළිබඳව සහ රජයේ විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැණින.

මෙරට ජපාන නියෝජ්‍ය තානාපතිතුමා, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානියා සමග ජපාන තානාපති කාර්‍යාල නිලධාරින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නිලධාරින් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් මේ හමුවට එක්ව සිටියහ.