― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsවිපක්ෂ නායක හා IMF නියෝජිතයන් අතර හමුවක්

විපක්ෂ නායක හා IMF නියෝජිතයන් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් රජය සමග ඇති කර ගෙන තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දිර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

එහි දී ශ්‍රී ලංකාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සහ රජය විසින් ඉක්මනින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

එසේ ම රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සියලු ණය හිමියන්ට සාධාරණ ලෙස සැලකීම සහ අවදානම් කාණ්ඩයම් වෙත විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය විපක්ෂ නායක විසින් IMF නියෝජිතවරුන්ට පෙන්වා දී තිබෙනවා.

තිරසර ආර්ථික යහපැවැත්මක් උදෙසා කෙටිකාලීන ආර්ථික දර්ශකවල ප්‍රගතිය මෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව මඟින් පෙන්වා දී ඇති නීතියේ සාධාරණත්වය සහ යහපාලන මූලධර්ම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද එහි දී මතුවුණා.

එසේම ඉදිරි සතිය තුළ ආරම්භ කෙරෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමේ සංචාරයේ දී, මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ වර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රමවේද සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව සහ විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා පවත්වනු ඇති බව එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.