30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරත් ඒකනායකටත් ශ්‍රීලනිපයේ මහලේකම් පුටුව තහනම්

සරත් ඒකනායකටත් ශ්‍රීලනිපයේ මහලේකම් පුටුව තහනම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම දයාසිරි ජයසේකර දැරූ පක්ෂයේ මහ ලේකම් ධුරයේ සරත් ඒකනායකට ද කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අද (08) වාරණය නියෝගයක් නිකුත් කරණු ලැබුවා.

පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් මෙම නියෝගය නිකුත් කළා.