27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුන්ගේ මානසික ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්

සිසුන්ගේ මානසික ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්

පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සඳහන් කරන්නේ මෑත කාලීනව පාසල් සිසුන් මානසික ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් අධික ලෙස කේන්ති යාම මෙන්ම මානසික ප්‍රශ්න විසඳා ගැනීමට ඔවුන් තුළ දැනුමක් නොමැති වීම දැඩි ගැටලුවක් බවත්ය.

මේ යටතේ ගුරුවරුන්ට ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුවක්ද ලබා දෙනු ඇති.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

මෙමගින් යම් යම් මානසික ගැටලුවලට ගොඳුරු වී ඇති ළමුන් හඳුනා ගෙන ඔවුන් ප්‍රතිකාර හා උපදේශනය සඳහා යොමු කරවීමටද පියවර ගන්නා බවයි.