― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalකෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ජනපති...

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ජනපති සහභාගිත්වයෙන්

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

ඊයේ පස්වරුවේ ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාමාධිපති ඉන්දියානා බෞද්ධ විහාරාධිපති කෝට්ටේ රජමහා විහාරාධිකාරි පූජය තලංගම දේවානන්ද හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාර මන්දිරයට ගොස් ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අවසන් මහා පෙරහර සමාරම්භය සනිටුහන් කරමින් ‘කෝට්ටේ රාජා‘ මංගල හස්ථිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේය.