30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචැනල් 4 නාලිකාවේ චෝදනා ගැන විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

චැනල් 4 නාලිකාවේ චෝදනා ගැන විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් සිය වාර්තා වැඩසටහන මගින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

එම ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද රජය අදහස් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දැනට ක්‍රියාත්මක විමර්ශන දෙකෙහි කටයුතු සම්පූර්ණයෙන් අවසන් වූ පසුව ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට ප්‍රථම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.