27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්බලන්තොටදී බස් රථයක ගිය කාන්තාවට වෙඩි තැබූ දෙදෙනෙක් අල්ලයි

අම්බලන්තොටදී බස් රථයක ගිය කාන්තාවට වෙඩි තැබූ දෙදෙනෙක් අල්ලයි

අම්බලන්තොට ප්‍රදේශයේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශණයකට අනුවයි හම්බන්තොට තැලවිල්ල ප්‍රදේශයේදී ඊයේ දහවල් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා විමර්ශන සඳහා අම්බලන්තොට පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

අවුරුදු 21 සහ 31 වයස්වල පසුවන ඔවුන් අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට යොදාගත් බෝර 12 ගිනි අවිය සහ අපරාධයට පැමිණි යතුරුපැදිය ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරු දෙකට පමණ මෙම වෙඩි තැබීම සිදුවී තිබුණේ බස් රථයක් තුලදීයි.

තුවාල ලැබූ කාන්තාව උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.

ඇය පසුගිය ජුලි මස 19 වනදා කොග්ගල ප්‍රදේශයේ සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රොෂාන් නැමති සැකකරුගේ මව බවට අනාවරණ වී තිබෙනවා.

වෙඩි වැදුණු කාන්තාව නඩුවක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ඇය අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යැවුණා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.