30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ විශ්වවිද්‍යාලයට නිවාස 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක්

කොළඹ විශ්වවිද්‍යාලයට නිවාස 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඉදිකළ මහල් නිවාස සංකීර්ණය එම විශ්වවිද්‍යාලය වෙත භාරදීමට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එම නිවාස සංකීර්ණය නිවාස 144කින් සමන්විතයි.

නාරහේන්පිට කාලිංග මාවතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකළේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනුයි.

මෙම නිවාස සංකීර්ණය කොළඹ විශ්වවිද්‍යාලය වෙත භාරදීමට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිසු සිසුවියන් 800කට පමණ මෙහි නේවාසිකාගාර පහසුකම් සලසාගත හැකි අතර වර්ග අඩි 450කින් සමන්විත මෙම එක් නිවසක් නිදන කාමර 2කින් සමන්විතයි.

මෙම නේවාසික නිවාස ඒකක කොළඹ විශ්වවිද්‍යාලයට ලබාදෙන්නේ නිදහස් දීමනාවක් යටතේයි