― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපුංචි ලෝකාන්තය බලන්න ගිය වෛද්‍යවරයෙකුට අනතුරක්

පුංචි ලෝකාන්තය බලන්න ගිය වෛද්‍යවරයෙකුට අනතුරක්

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සදහා වෛද්‍යවරුන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මතට ගසක විශාල අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් වෛද්‍යවරයෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල් ගත කර ඇති බවයි මඩොල්සිම පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රාගම රෝහලේ සේවය කරන ‍38 හැවිරිදි වෛද්‍යවරයෙක්.

විශ්ව විද්‍යාලයේ මිතුරන් වන වෛද්‍යවරු 8 දෙනෙක් ඊයේ පස්වරුවේ මෝටර් රථ දෙකකින් පුංචි ලෝකාන්ත නැරඹීමට යමින් සිටියදී ඩීන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය අසල තිබූ ගසක අත්තක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මැටිගහතැන්න රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට ඔහු බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව එහි ප්‍රකාශකයෙකු කියාසිටියා