― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportබංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

බංග්ලාදේශය පැරදූ ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු රට බවට පත්වී තිබෙනවා.

ඔවුන් මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය පරදවා ලකුණු 21ක ජයක් ලැබීමත් සමගයි.

මෙම වාර්තා සටහනේ ඉදිරියෙන්ම පසුවන ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වසරේදී තරග 21ක් එක දිගට ජයග්‍රහණය කරමින් එම වාර්තාවට හිමිකම් කියනවා.

අවසන් වතාවට ඇෆ්ගනිස්තානයට එරෙහිව ලැබූ ලකුණු 2ක තියුණු ජයත් සමඟ ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසුණේ එක පිට තරග 12 ක් ජයග්‍රහණය කර සිටින අවස්ථාවකයි.

ශ්‍රී ලංකාව ලබා සිටින මෙම ජයග්‍රහණය සංඛ්‍යාව පාකිස්තානය 2008 වසරේදීද දකුණු අප්‍රිකාව 2005 වසරේදීද තරග 12ක් එක පිට ජය ගනිමින් තබා ඇති වාර්තාව සමකරන්නක් ද වුණා.

නායක දසුන් ශානකගේ 32 වැනි උපන් දිනය යෙදී තිබූ ඊයේ (09) දිනයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 257ක් ලබා ගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී බංග්ලාදේශය පන්දු වාර 48.1 කදී සියලු දෙනා ලකුණු 226 කට දැවී ගියා.

ශ්‍රී ලංකාව මෙලෙස පිට පිටම වාර්තා කරන ලද්දේ 13 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණයයි. එය ලෝක එක්දින පිටියේ ඔස්ට්‍රේලියාවට පමණක් දෙවැනි වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ආසියානු රට බවටද පත්ව සිටිනවා.

මේ විශිෂ්ට එක්දින තරග ගමන් මාවත නායක දසුන් ශානකගේ උපන් දිනය දා එය ශ්‍රී ලංකාව සතු වීම ද දෛවෝපගත සිදුවීමක් ලෙසින් හැඳින් විය හැකියි