“ඇත්ත වශයෙන්ම මෙම දිනවල මමත් වෛද්‍යවරයෙක් වගේ කියා මට දැනෙනවා. මරණයට ආසන්නව සිටින රෝගියෙකු ඉන් මුදවා ගැනීමට මට සිදුව තිබෙනවා. ඒ වගේම මම තවමත් එම රෝගියාට සාත්තු කරමින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. මට අවස්ථාවක් ලැබුණොත් මම ඔහුව ජෝසප් ෆ්රේසර් නයින්වෙල්ස් රෝහල වෙත එවනවා. නමුත් අවාසනාවකට, මට ඔහුව භාණ්ඩාගාරයේ තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුව තිබෙනවා.“
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජෝසප් ෆ්රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට ඊයේ (08) පස්වරුවේ එක්වෙමිනි.