32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුහුදු පතුලෙන් හමු වූ අමුතුම රත්තරන් බිත්තරේ

මුහුදු පතුලෙන් හමු වූ අමුතුම රත්තරන් බිත්තරේ

ඇලෙස්කා බොක්කේ අඩි 3,300 ක් පමණ ගැඹුරු මුහුදු පතුලෙන් වස්තුවක් හමු වී තිබෙනවා.

මේ වස්තුව ගැන විද්‍යාඥයන් පවා මවිතයට පත් කර ඇති අතර ‘රත්තරන් බිත්තරයක්’ යැයි සැක කරන අතර මෙවැනි වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙය වේ.

අමෙරිකාවේ සාගර සහ වායුගෝලීය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම බිත්තර සොයාගෙන ඇත.

ඒ මුහුදු පතුළ ගවේෂණය කරමින් සිටින විටයි.

මෙම අබිරහස් වස්තුව සැබැවින්ම බිත්තරයක් නම්, මුහුදු පතුලෙන් මෙතෙක් සොයා නොගත් ජීවියකුට අයත් බිත්තරයක් විය හැකි යැයි බව විද්‍යාඥයන් පවසයි.

මෙහි පළල සෙන්ටි මීටර් 10 ක් වන අතර එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් විය හැකි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

බිත්තරයක හැඩැති මෙම වස්තුව පුපුරා ගොස් තිබෙන අතර ඒ තුළින් යම් ජීවියෙක් පිටතට එන්නට ඇතැයි සැක කරයි.

කෙසේ වෙතත්, මෙය කුමන සතෙකුගේ බිත්තරයක්දැයි මෙතෙක් සොයා ගෙන නොමැත.