― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීමට අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීමට අලුත් චක්‍රලේඛයක්

කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සඳහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එම නිවාඩුව සඳහා ඉල්ලුම් කිරීමට හදා වඩා ගැනීම සඳහා ලබාගන්නා දරුවාගේ වයස මාස 10කට අඩුවිය යුතු අතර, එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කළයුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් සඳහා කුලවද්දාගත් දරුවෙකු හදා වඩාගැනීම වෙනුවෙන් රජයේ ස්ථීර නිලධාරිනියකට නිවාඩු ලබාගැනීමට හැකියාව පවතින බවයි එමගින් දන්වා ඇත්තේ.

එලෙසම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ ස්ථීර නිලධාරියකු සඳහා කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් වැඩ කරන දින 03ක විශේෂ පිතෘත්ව නිවාඩුවක් ලබාගැනීමට ද හැකියාව පවතින බවයි.

එම චක්‍රලේඛය මේ වසරේ ජුනි මස 26 වැනි දින සිට ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.