31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවංචනික ක්‍රියාවක් ගැන තැපෑලෙන් මහජනතාවට දැනුවත් කිරීමක්

වංචනික ක්‍රියාවක් ගැන තැපෑලෙන් මහජනතාවට දැනුවත් කිරීමක්

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙන්නේ වංචාකරුවන්ට හසු නොවන ලෙසයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද වංචනිකව භාවිත කර ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එබැවින් මෙවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසට මහජනතාවට දැනුම් දෙන අතර මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් විමසීමක් හෝ පැහැදිළි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙසටයි දැනුම් දෙන්නේ.