27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොඳ පදමට සූර් වූ මිතුරන් දෙදෙනා නරියෙකු ත්‍රීරෝද රථයේ දමාගෙන ගෙදර අරන්...

හොඳ පදමට සූර් වූ මිතුරන් දෙදෙනා නරියෙකු ත්‍රීරෝද රථයේ දමාගෙන ගෙදර අරන් යයි

පස්සර ප්‍රදේශයේ පදිංචි මිතුරන් දෙදෙනෙකු අධික බීමතින් සිටි අවස්ථාවේ බල්ලෙකු ලෙස රැවටී මාර්ගයේ සිටි නරියෙකු නිවසට රැගෙන ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා මත්පැන් පානය කිරීමෙන් පසුව ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණ ඇති අතර බලු පැටවෙකු වැනි සතෙකු දැක ත්‍රිරෝද රථය නතර එම සතාව නිවසට රැගෙන ඇවිත් තිබෙනවා.

පමණ ඉක්මවා වෙරිවී සිටීම නිසා එම සතා නරි පැටවකු බවට හඳුනා ගැනීමට මෙම මිතුරන් දෙදෙනාට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් එක් පුද්ගලයෙකු විසින් මෙම සත්ත්වයා නිවසට රැගෙන ගොස් බැඳ දමා ඇති අතර නුපුරුදු හඬක් ඇසීම නිසා අසල්වාසීන් ඒ ගැන විපරම් කර බලන විට බැඳ දමා සිටි නරි පැටියාව දැක ඇත.

පසුව ඔවුන් එම සතාව නිදහස් කර කැළයකට ගෙන ගොස් දමා ඇති බවයි වාර්තා වන්නේ.