27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලයෙකුගේ දිවි තොර කළ සිව්දෙනෙකුට මරණ දඩුවම නියම වෙයි

පුද්ගලයෙකුගේ දිවි තොර කළ සිව්දෙනෙකුට මරණ දඩුවම නියම වෙයි

තියුණු ආයුධවලින් සහ මොට ආයුධ වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කලේය .

කළුතර කලමුල්ල රිදී මාවතේ පදිංචිව සිටී ගොඩගේ හිලරි ජෝෂප් අප්පුහාමි නැමැත්තා 1996 ජනවාරි 02 දින මදිනකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ මොට ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සහ ඔහුගේ බාල සොහොයුරා වන ගොඩගේ නිහාල් ෂෙල්ටන් අප්පුහාමි යන අයට පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්දයෙන් සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

නඩුවේ 1, 2,3 සහ 5 වන විත්තිකරුවන් හට මෙහිදී මරණ දඩුවම් නියම කල අතර , 6 සහ 7 විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියම කලේය.

උතුර පයාගල පදිංචි හෙම්බා තන්ත්‍රිගේ අජිත් සිරිමෙවන් ප්‍රනාන්දු නොහොත් ජේවීපී අජිත්, බලපිටිය රාළලාගේ ජූඩ් ප්‍රිසිල්, ගාලුගේ අජිත් ප්‍රනාන්දු සහ කරුණාමුනි සමන් කුමාර යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.

එකී නඩුවේ 4 වන විත්තිකරු මියගොස් ඇති බවට මහාධිකරණයේ දී කරුණු අනාවරණය විය.

6 සහ 7 වන විත්තිකරුවන් වන උතුරු පයාගල පදිංචි තුෂාර සමරවික්‍රම සහ කුරුකුලසූරිය පටබැදි රාළලාගේ රොෂාන් වසන්ත සිල්වා යන අයවලුන් මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.

1,3 සහ 5 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මාරී ෆොන්සේකා , 2 වන විත්තිකරු වෙනුවෙන් නීතිඥ සිරී පෙරේරා සහ 6 සහ 7 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ගාමිණී ඒකනායක යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනීසිටියහ.

දීර්ඝ නඩු විභාගයක් පැවතී නඩුවේ සාක්කිකරුවන් 14 දෙනෙකුගෙන් සාක්කි කැදවා තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ මල්ෂා මඩවලගම මෙනවිය පෙනී සිටියහ.