22 C
London
Tuesday, September 26, 2023

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අමාත්‍ය මණ්ඩල අනුමැතිය – කෙහෙළිය රඹුක්වැල්ල

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවසීය,

අධ්‍යාපන කටයුතු සඳහා අපේ රටේ දරුවන් කී දෙනෙක් විදේශ ගත වී සිටිනවා ද? අපේ රටේ දරුවන්ට අවශ්‍ය පහසුකම් හා අවස්ථාව අපේ රට තුළම ලබා නොදීම අපරාධයක්. නව වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පවතින ප්‍රමිතීන් ආරක්ෂා කරගෙන නව වෛද්‍ය විද්‍යාල කටයුතු කළ යුතු වෙනවා.

මේ සඳහා සම්බන්ධ වන මහාචාර්යවරුන් අපේ රටේ වෛද්‍ය විද්‍යාලවල උපදේශකවරුන් වශයෙන් කටයුතු කළ අය. ආචාර්ය මණ්ඩලය සඳහාත් අවම සූදුසුකම් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට පිළිගත් වෛද්‍ය විද්‍යාලවල කටයුතු කරන ආකාරයෙන්ම හෝ ඊට එහා ගිය මට්ටමකට එම කටයුතු පවත්වාගෙන යා යුතුයි කියා නීති පනවා තිබෙනවා.

ඒ වගේම එම වෛද්‍යවිද්‍යාලවලට ආරෝග්‍යශාලා තුනක් ද ඇතුළත් කර තිබෙනවා මූලික සුදුසුකම් සහිත, වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් මේ රටේ සිටිනවා. ඒ නිසා 10%ක ප්‍රතිශතයක සිසුන් සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව ලබා දෙන ලෙසට මෙම විශ්වවිද්‍යාලවලින් මම පෞද්ගලිකව ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් එකඟතාව පළ කර තිබෙනවා. ‍

වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළුව සමස්ත බුද්ධි ගලනය සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අඩුපාඩුවකින් සිදුවන දෙයක් නොවන බව කිවයුතුයි. ඊට ප්‍රධානතම හේතුව ලෙස 2019 රටේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ආදායම් ප්‍රමාණවත් නොවීම සහ වියදම් අධික වීම වැනි කාරණා දැක්විය හැකියි.

විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යෑම මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම සහ වෛද්‍යවරුන්ගේ මාසික වේතනය ද මීට බලපා තිබෙනවා. වෛද්‍යවරුන් මුහුණ දී සිටින මෙවැනි ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධානය යොමු කර තිබෙනවා. එතුමා ඉදිරි අයවැයෙන් පසුව මේ සඳහා විසඳුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් රජයෙන් කළහැකි සියලු දේ ඉටු කරමින් සිටිනවා.

එංගලන්තය වැනි රටවල සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් අපේ රටට වඩා දස ගුණයක පමණ වැටුප් ලබා දෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වෙනුවෙන් එංගලන්තයට පුළුවන් ඊට වඩා දසගුණයක වේතනයක් ලබා දෙන්න. ඒ නිසා මෙම ගැටලු වෙනුවෙන් කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙනවා.

අප රටේ වෛද්‍ය පීඨ 13ක් පමණ තිබෙනවා. නමුත් ඒවා සඳහා බඳවා ගනු ලබන්නේ 2000ක පිරිසක් පමණයි. ඒ නිසා එම ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍යයි. ඒ සඳහා හැකියාව තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. මූලික සුදුසුකම් තිබෙන සිසුන්ට අවස්ථාව ලබා දිය යුතුව තිබෙනවා.

ඒ වගේම මාහට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වුණා. මීට පෙර ඉදිරිපත් වූ සියලුම විශ්වාසභංග යෝජනා පරාජය වී තිබෙනවා. අංක ගණිතයෙන් විශ්වාසභංග යෝජනා පරාජය කළ හැකි වුවත්, එහි තිබූ අභ්‍යන්තර කරුණු කාරණා දෙස බැලීමේදී අවධානය යොමු කළ යුතු දේවල් තිබෙනවා.

බහුතර පිරිසක් පදනම් විරහිත චෝදනා නඟන විට තවත් පිරිසක් සාධනීය අදහස් හා යෝජනා ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී අනිකුත් අදහස්වලට වඩා මගේ අවධානය යොමු වුණේ එම සාධනීය යෝජනාවලටයි. විපක්ෂය ඉදිරිපත් කළා කියා, බැහැර කළ නොහැකි කරුණු කාරණා ඒ අතර තිබුණා.

ඉදිරියේදී අදාළ සියලුම නිලධාරීන් කැඳවා එම යෝජනා හා අදහස් සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගන්නවා. ඒවා සාකච්ඡාවට පමණක් සීමා නොකර, ක්‍රියාවට නැංවීමටත් කටයුතු කරනවා. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ නිසාම, සාවද්‍ය චෝදනාවලට ලිඛිත සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.

Latest

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

Don't miss

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම්...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින්...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දුව ආණ්ඩුව කෙදිනෙකවත් ඉටු නොකරන පොරොන්දුවක් බව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here