― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsමඩකලපු මුහුදේ භූ කම්පනයක්

මඩකලපු මුහුදේ භූ කම්පනයක්

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.29ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.65ක් ලෙස සටහන් වූ බවයි.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.