31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය සියයට 20 ක් දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පැවසීය.

විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව ලැබීමත් සමඟ මෙසේ ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමූ බවත් ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය දිනෙන් දින වර්ෂාව ලැබෙන ආකාරය අනුව වෙනස් වන බවත් සෙනෙවිරත්න කීය.

ජලාශවලට සැළකිය යුතු වර්ෂාවක් මෙතෙක් ලැබී නොමැති බව කී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ පසුගිය සතියේ සියයට 14 ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමීම ඉතාමත් පරිස්සමට කළ යුතු කාර්යක් බවත්ය. ඉදිරි දිනවලදී වර්ෂාව නොලැබුණ හොත් නැවතත් නිෂ්පාදනය පහත දැමීමට සිදුවන බව සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.