25.6 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය සියයට 20 ක් දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පැවසීය.

විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව ලැබීමත් සමඟ මෙසේ ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමූ බවත් ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය දිනෙන් දින වර්ෂාව ලැබෙන ආකාරය අනුව වෙනස් වන බවත් සෙනෙවිරත්න කීය.

ජලාශවලට සැළකිය යුතු වර්ෂාවක් මෙතෙක් ලැබී නොමැති බව කී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ පසුගිය සතියේ සියයට 14 ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමීම ඉතාමත් පරිස්සමට කළ යුතු කාර්යක් බවත්ය. ඉදිරි දිනවලදී වර්ෂාව නොලැබුණ හොත් නැවතත් නිෂ්පාදනය පහත දැමීමට සිදුවන බව සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.