නාරම්මල පොලිසිය විසින් පාසල් දැරියකට ලිංගික අතවර සිදු කළ ගුරු උපදේශකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ මෙලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවියක් බවයි.
පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක් තුළදී මෙම ගුරුවරයා විසින් දැරිය ලිංගික අපයෝජනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි ගුරුවරයෙකි.
අදාළ ගුරුවරයා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.