30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වැඩ වර්ජනය අවසන්

දුම්රිය වැඩ වර්ජනය අවසන්

කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය සේවකයින් පිරිසක් විසින් අද (11) ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා.

බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි වෘත්තීය සමිති පවසන්නේ.

මෙම වර්ජනය හේතුවෙන් එම දුම්රිය අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා. මේ අතර බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම සහ ශ්‍රේණි උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවට දැනුම් දී තිබෙනවා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් එම සංගමය විසින් පාලන අධිකාරිය ද දැනුවත් කර ඇතැයි වාර්තා වනවා.