― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනියඟයෙන්, වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට නිසි වන්දි ලබා දෙනවා - කෘෂිකර්ම අමාත්‍ය

නියඟයෙන්, වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට නිසි වන්දි ලබා දෙනවා – කෘෂිකර්ම අමාත්‍ය

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති කුඹුරු අක්කර සිය ගණනක් විනාශයට පත් වූ අතර වර්ෂාව නිසා හානියට පත් කුඹුරු බැලීමට පසුගියදා (09) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල, නෙටොල්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගොස් තිබේ.

මෙහි දී අදහස් පළ කළ අමාත්‍යවරයා,

“මාස හත අටක කාලයක් එක දිගට නියඟයට හසුවී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර දෙදහසක් පමණ විනාශ වුණා. එහෙත් සමහර කුඹුරූ ඉතාමත් අමාරුවෙන් රැක ගන්නට ගොවීන් සමත් වුනත් වර්ෂාව නිසා මේ වනවිට තවත් කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී තිබෙනවා. මේ කුඹුරු සියල්ලම ඉතාමත් සාර්ථක වැඩි අස්වැන්නක් ලබා ගත හැකි කුඹුරුයි. නමුත් දින කිහිපයක් තිස්සේ ජලයෙන් යටවී තිබීම නිසා වී ඇට ගස්වලම පැළ වී තිබෙනවා. ඒවායින් නැවත අස්වැන්නක් ලබා ගත හැකි වන්නේ නැහැ.

ගොවි ජනතාව ඉතාමත් අසීරුවෙන් මේ කුඹුරු රැකගත් බව මම දන්නවා. ඒ නිසා ඒ අයට මෙම වගා හානි සඳහා නිසි වන්දියක් ලබා දෙන්න කටයුතු කරනවා. මම අද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට කතා කළා. එහි ඉහළ නිලධාරින්ට මම උපදෙස් දුන්නා නියඟයෙන් වගේම වර්ෂාව නිසා හානියට පත්ව ඇති කුඹුරුවලටත් නිසි පරිදි වන්දි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරන්න කියළා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනටමත් වර්ෂාව නිසා හානියට පත් වූ වගාවන් සම්බන්ධවත් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර තිබෙනවා.

අපි කිසිසේත්ම අපේ ගොවීන්ට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ වගාවන්ට සිදුව ඇති හානිය නිවැරදි පරිදි තක්සේරු කර වන්දි ලබා දීමට පියවර ගන්නවා. නමුත් නියඟය හා වර්ෂාව නිසා මේ සිදුව තිබෙන අස්වනු හානිය වන්දි දීමෙන් පමණක් සම්පූර්ණ කළ හැකි යැයි මම විශ්වාස කරන්‌නේ නැහැ. මේ විනාශව තිබෙන්නේ රටේ ජනතාවගේ බත් පතයි. ඊට සිදුව ඇති හානිය වන්දි මුදල්වලින් පමණක් ගණන් බලා අවසන් කළ නොහැකියි”