25 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතාගෙන් ගුටි කෑ පෙම්වතිය ජීවිතක්ෂයට

පෙම්වතාගෙන් ගුටි කෑ පෙම්වතිය ජීවිතක්ෂයට

පසුගිය 02 වැනිදා හෝටල් කාමරයක් තුළදී පෙම්වතාගෙන් පහර කෑ පෙම්වතිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෙම්වතිය මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයක් තුළදීය. මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව, අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ (10) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නිට්ටඹුව පොලිසිය සඳහන් කළේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෙම්වතිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි සැකයක් මුල් කරගනිමින් මෙම 29 හැවිරිදි තරුණයා විසින් 28 හැවිරිදි තම පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇති බවයි.