අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී තිබේ.
මෙම හමුවේදී ඔවුන් දෙදෙනා මානව හිමිකම් සහ නිදහස් මාධ්‍යකරණයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් G20 සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය අගනුවරට පැමිණ සිටි අතර එහිදී ඉන්දීය අගමැතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වා තිබේ.