27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද ඇරඹේ

මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතය.

සැසිවාරයේ කටයුතු ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් සභාව ඇමතීමට නියමිතයි.

සැසිවාරය තුළදී ගෝලීය වශයෙන් වැදගත් වන විවිධ මාතෘකා පදනම් කරගනිමින් අන්තර් ක්‍රියාකාරී සංවාද 29 ක් පවත්වනු ඇති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මියයි.

මෙවර සැසිවාර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලඥයින් සහභාගී නොවන අතර මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මානව හිමිකම් පිළිබඳ ඔහුගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා වගවීම අඛණ්ඩව සිදු නොවන බවයි.