27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

මුදල් ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

බිබිල පොලිස් වසමේ, වෑගම ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ ඊයේ (10) දින පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත බිබිල පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්. මෙම පුද්ගලයා සහ එම ප්‍රදේශයේම පදිංචිව සිටි තවත් පුද්ගලයෙකු සමඟ පැවති මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක දී අනෙක් පුද්ගලයා විසින් යකඩ පොල්ලකින් පහර දී මොහුව ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සිදුකළ 35 හැවිරිදි වියේ පසු වූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිබිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.