27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් හා බැසිල් අතර හමුවක්

රනිල් හා බැසිල් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්බන්ධීකාරක බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කර තිබේ.

2024 අයවැයෙන් ජනතාවට යම් සහනයක් ලබාදීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මෙම හමුව සිදුව ඇත්තේ.

ජනාධිපතිතුමා සහ බැසිල් හමුවූයේ ඔවුන්ගේ නිත්‍ය දේශපාලන කටයුතුවල කොටසක් ලෙසය.

එම හමුව පැයක පමණ කාලයක් පැවති අතර ජනාධිපති අධ්‍යක්ෂ ප්‍රධානි සාගල රත්නායකද එම හමුවට සහභාගී විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොවන පරිදි ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ අයවැයට ඇතුළත් කිරීමට වගබලා ගන්නා ලෙස බැසිල් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.