27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැඩි මිලට සහල් විකිණූ 400කට නඩු

වැඩි මිලට සහල් විකිණූ 400කට නඩු

වැඩි මිලට සහල් අලෙවි කිරීම හෝ තොග සගවා තබා ගන්නා ස්ථාන සොයා සිදුකළ වැටලීම්වලදී වැඩි මිලට සහල් අලෙවි කිරීම, තොග සගවා තබා ගැනීම, අලෙවිය ප්‍රතික්ෂේප කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධව වැරදි අනාවරණය වූ වෙළෙඳසැල් 400 කට පමණ නඩු පැවරීමට කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේ සිය නිලධාරීන් විසින් දිවයින පුරා සිල්ලර හා තොග වෙළෙඳසැල් මෙන්ම, තොග ගබඩා පරික්ෂා කිරීමද මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව පැමිණිලි ලැබෙන සියලුම වෙළෙඳසැල් පිලිබඳ අනිවාර්යයෙන්ම විශේෂ විමර්ෂනයක් හා පරීක්ෂා කිරීමක් ඉදිරි දිනවලදී සිදු කරනු ලබන බවත් එවැනි වෙළෙඳසැල් සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම් දෙන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවට දැනුම් දෙනු ලබයි.