― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශෂී වීරවංශගේ නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

ශෂී වීරවංශගේ නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ශෂී වීරවංශට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කළ අයදුම් පතක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අදාළ නඩුව හෙට (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමෙන් අනතුරුව එම අධිකරණයේ තිබෙන අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙස ද නියෝග කෙරුණා.

පෙත්සම්කාර ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට එරෙහිව ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වෙන බවත් එම නඩුවෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බව කියා සිටියා.

තමා අසනීපව සිටි අවස්ථාවක ද මෙම නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා සූදානම් වූ බව පෙන්වාදෙන ජනාධිපති නීතිඥවරයා මේ තුළින් තමන්ට යුක්තියක් ඉටු නොවනු ඇතැයි සැකයක් මතු වී තිබෙන හෙයින් එම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස තම සේවාදායකයිකාව අධිකරනයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ නඩු විභාගයන් කාර්යක්ෂම කිරීම සඳහා මහේස්ත්‍රාත්වරු විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් යම් ගැටළු සහගත තත්ත්වයක් මතු වන්නේ නම් ඊට අදාළව සුදුසු නියෝග නිකුත්කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.