― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsE bay ජාවාරමක් නිසා තැපෑලට කෝටි 25ක පාඩුවක්

E bay ජාවාරමක් නිසා තැපෑලට කෝටි 25ක පාඩුවක්

E bay මගින් මෙරටට ගෙන්වන භාණ්ඩ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

පෞද්ගලික ආයතනයක් විසින් මෙම භාණ්ඩ මෙරට බෙදාහැරීමේ වගකීම භාරගෙන ඇති අතර ශීඝ්‍රගාමී සේවය යටතේ මෙම භාණ්ඩ බෙදාහැරීමට මෙම ආයතනය තැපැල් දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළැඹ ඇත.

එම පාර්සල් බෙදාහැරෙන්නේ ශීඝ්‍රගාමී සේවාවෙන් නොව සාමාන්‍ය පාර්සල් සේවාවෙනි. ශීඝ්‍රගාමී සේවාව සඳහා එක් පාර්සලයකට රුපියල් දෙසියයක්ද, එම පාර්සලයම සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ යැවීමට රුපියල් එකසිය පනහක්ද වැය වෙයි.

මේ අයුරින් මේ වනවිට පාර්සල් 50,000කට ආසන්න සංඛ්‍යාවක් බෙදාහැර ඇති අතර එම ප්‍රමාණයෙන් පමණක් දෙපාර්තමේන්තුවට අහිමි වී තිබෙන ආදායම රුපියල් විසි පන්ලක්ෂයක් පමණ අහිමි වී ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මේ වනවිට පාර්සල් බෙදාහැරීමද නතර කර තිබේ.

මේ වනවිට මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් අංශයේ මෙන්ම කොළඹ පාර්සල් බෙදාහැරීමේ අංශයේ E bay පාර්සල් අටදහස් පන්සියයක අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.