12.5 C
London
Saturday, September 30, 2023

උදයංගගේ අත්හිටවූ ගිණුම් දෙකක මුදල් ඉල්ලයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරුණු විමර්ශනවලට අදාළව අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සිදුකර ඇති ඉල්ලීමට අදාළව තම ස්ථාවරය හෙට දින අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

මෙම ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.

එහිදී උදයංග වීරතුංග අධිකරණයට දැනුම් දී තිබුණේ තමා රුසියාවේ තානාපතිවරයා ලෙස වසර නමයක් කටයුතු කළ බවත් එහිදී තමාට ලැබුණු තානාපති වැටුප බැර කර ඇති බැංකු ගිණුමේ මුදල් සහ තවත් බැංකු ගිණුමක මුදල්ද තමන් වෙත මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ සිය සේවාදායකයාගේ ගිණුම් ඒකපාක්ෂික ලෙස වසර අටකට අධික කාලයක් අත්හිටුවා තිබීමෙන් ඔහු ආර්ථිකමය වශයෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

මෙම විමර්ශනයට අදාළව සිය සේවාදායකයාගේ බැංකු ගිණුම් තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් ලබාගෙන තිබෙන නියෝග නිසා ඔහුට දැඩි අගතියක් සිදු වී ඇති හෙයින් අදාළ ගිණුම්වලට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තම ස්ථාවරය හෙට දින අධිකරණයේ දැනුම් දෙන ලෙසටයි නීතිපතිවරයාට නියෝග කළේ.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. අදාළ සුපිරි වෙළඳසැලේ...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල තේරී පත්ව තිබෙනවා. 'Times Higher Education World University' 2024 ශ්‍රේණිගත කිරීම...

රියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්‍රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගය, හැටන් - කොළඹ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here