― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsදුම්රියෙන් වැටුණු තරුණයාට බන්දුල ශෝකය පළ කරයි

දුම්රියෙන් වැටුණු තරුණයාට බන්දුල ශෝකය පළ කරයි

අද (12) පෙරවරුවේ දුම්රියක වහලක් මතින් ඇද වැටී මියගිය තරුණයා වෙනුවෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ශෝකය පළ කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමට ප්‍රථම ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ “අද දිනයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අනීතික වර්ජනයක් හේතුකොට ගෙන මියගිය නිරායුද අවිහිංසක දරුවෙක් වෙනුවෙන් විනාඩි කිහිපයක ශෝකය පළ කරනවා” යනුවෙනි.

අද උදෑසන හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය වහලයක් මතින් ඇද වැටීමෙනුයි මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වුණේ.