29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportඉන්දියාවට විශිෂ්ඨ ජයක්

ඉන්දියාවට විශිෂ්ඨ ජයක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානයට එරෙහි තරගය ඉන්දීය කණ්ඩායම විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා ආරම්භ වූ අතර කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් සංවිධායකයන් තීරණය කළේ ඊයේ (11) දිනයට යෙදී තිබූ අතිරේක දිනයේදී නැවත තරගය පැවැත්වීමටයි.

ඊයේ නැවත වරක් වර්ෂාවෙන් බාධා ඇති වූ අතර තරග ආරම්භය ප්‍රමාද විය.

ඊයේ දිනට තරගය ආරම්භ විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147කි.

6 වැනි එක් දින ශතකය ද සමගින් ලෝකේෂ් රාහුල් නොදැවී ලකුණු 111යි.

විරාත් කෝලි 47 වැනි එක් දින ශතකය ද සමගින් නොදැවී ලකුණු 122ක් රැස් කළේ ය.

පකිස්ථාන පිතිකරුවන්ට පිටිය තුළ සාර්ථක වීමට ඉඩ නොදුන් ඉන්දීය පන්දු යවන්නන් ඔවුන්ගේ කඩුලු 8ක් බිඳ දැමුවේ ලකුණු 128කටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 228කින් තරගය ජය ගත්තේ ය.