30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දු - ලංකා තීරණාත්මක සටන අද

ඉන්දු – ලංකා තීරණාත්මක සටන අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල ඉන්දීය පිල සහභාගි වන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරුවේ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කළා. එමෙන්ම ඊයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

දෙපිළම ජයග්‍රාහී මානසිකත්වයෙන් සිටින බැවින් අද තරගය තිවුණු තරගයක් වනු ඇතැයි විචාරකයන් පවසන්නේ. ශ්‍රී ලංකා පිලට අද තරගය ජය ගතහොත් ඔවුන් මෙවර ආසිායනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.