31 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින්

මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

තරගකාරී අධ්‍යාපන ක්‍රමවේදයක් තුළ ගුණගරුක සමාජයක් ගොඩනැඟිය නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක කාලීන අවශ්‍යතාවයක් බවත්, විශ්වවිද්‍යාල සඳහා තිබෙන පිළිගැනීම එම ආයතනවලටත් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.