32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදැරියකට හදි කළ විදුහල්පතිට සිර දඬුවම්

දැරියකට හදි කළ විදුහල්පතිට සිර දඬුවම්

පාසල තුළදී බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිතව වසර හතක සිර දඬුවමක් නියම කර තිබේ.

මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක සේවය කරන අදාළ විදුහල්පතිවරයා පාසල තුළදීම දස හැවිරිදි දැරියක් දූෂණය කර ඇති අතර මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම් මිහාල් විසිනුයි ඊයේ (11) මෙලෙස ඔහුට සිර දඬුවම් නියම කර ඇත්තේ.

ඊට අමතරව රුපියල් 25000ක දඩ මුදලක්ද, රුපියල් ලක්ෂයක වන්දියක්ද, දැරියට ගෙවන ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

2014 සැප්තැම්බර් 23 වැනිදා තමාව දූෂණය කළ බව පවසමින් මෙම දැරිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මන්නාරම පොලීසිය අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.