27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි

දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක පැවසුවේ වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබේ. අද උදෑසන හලාවත, ගනේවත්ත, අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් අවලංගු වී ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ ප්‍රකාශ කළේ.

එමෙන්ම කොළඹ සිට ධාවනයවීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබේ.