― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබෙල්ලන්විල වනජීවීයේ කළු වඳුරු පැටවුන් සොරාගෙන

බෙල්ලන්විල වනජීවීයේ කළු වඳුරු පැටවුන් සොරාගෙන

බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ලංකාවට ආවේණික කළු වඳුරු පැටවුන් හතර දෙනෙකු සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.

ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ මුල් සත්ව විශේෂ 25 ට ඇතුළත්, ලංකාවේ බස්නාහිර පළාතට ආවේණික කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබෙන මෙම උප වඳුරු විශේෂයක් වන කළු වඳුරා ආරක්ෂිත සත්වයකු වන අතර 1993 අංක 49 දරන වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව කළු වඳුරා නිවාසවල ඇති කිරීම පවා සපුරා තහනම් කර ඇත.

සත්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල මෙම සොරකම පටිගත වී ඇති අතර ඡායාරූපවල සිටින පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මහජනතාවගේ සහාය ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මෙම පුද්ගලයන් ඔබ හඳුනන්නේ නම් පහත සඳහන් දුරකථන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

වනජීවී හදිසි ඇමතුම් අංකය – 1992
පුනරුත්ථාපන මධ්‍යස්ථානය – 0113604147