23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල් - බැසිල් හමුව රටේ අනාගතය ගැන කරන සාකච්ඡාවක්

රනිල් – බැසිල් හමුව රටේ අනාගතය ගැන කරන සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ අතර සිදුකෙරෙන සාකච්ඡාවලින් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන බව පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ සාකච්ඡා සඳහා ඔවුන් දෙදෙනා හැර වෙනත් පිරිස් සහභාගි නොවන බවයි.

සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්‍ෂ අතර ඇති වෙන සාකච්ඡාවලට වෙනත් පිරිස සහභාගි වෙන්නේ නැහැ. ඒ සාකච්ඡාවලදී අපට දැනගන්න අවශ්‍ය දේ එතුමන්ලා අපට දැනුම් දෙනවා. කෙසේ වුණත් මේ රටේ ඉදිරි කටයුතු සිදුකිරීම සම්න්ධයෙන්, සමහර කාරණා සම්බන්ධයෙන් අපට අවශ්‍ය උපදෙස් ඒ සාකච්ඡාවලින් අනතුරු ලබාදෙනවා.

එය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කරන විශේෂ සාකච්ඡාවක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමා වුණාට පසු විටින් විට ඔවුන් දෙදෙනා මුණගැහිලා සාකච්ඡා කරනවා. ඒවා රහසිගත, කුමණ්ත්‍රණකාරී දෙයක් නොවේ. මේ රට වෙනුවෙන් ඒ දෙදෙනා එකතුවෙලා රටේ අනාගතය වෙනුවෙන් කරන සාකච්ඡාවක්