― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවෘත්තීය සමිති ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගන්නවා

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගන්නවා

“ත්‍රස්තවාදී ලෙස වර්ජන මෙහෙයවූ රියදුරන් 84 දෙනා දුම්රිය අනතුරෙන් දිවි අහිමි වූ තරුණ ජීවිතය වෙනුවෙන් වගඋත්තරකරුවන් විය යුතුයි. “

අද (09/12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී දුම්රිය අනතුරක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ ඉංජිනේරු සිසුවාගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

එහි දී තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

“මේ සිදුව තිබෙන අවාසනාවන්ත මරණය තුළින් අපට බල කර කියා සිටින්නේ වෘත්තීය සමිති ත්‍රස්තවාදයට විනයානුකූල, ක්‍රමවත්, ජාතික වැඩපිළිවෙලක්‌ සකස් කිරීමේ අවශ්‍යතාවය. අප එය ඉටු කරනවා.

දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය ඉදිරිපත් කල ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ විශේෂ රැස්වීමක්‌ පවා සංවිධානය කර තිබියදී, දුම්රිය බලවේග ධාවනාගාරයේ සහ විදුලි බලවේග ධාවනාගාරයේ සේවයේ නියුතු රියදුරන් 84 දෙනෙකු විසින් ත්‍රස්තවාදී ලෙස වර්ජනයක් මෙහෙයවමින් තරුණ දරුවෙකු මරණයට පත්කිරීම පිළිබඳව ඒ සියලු පාර්ශ්වයන් වගඋත්තරකරුවන් බවට පත්වනවා. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍යවේදීන්ද මැදිහත් විය යුතුයි.

මේ පිළිබඳව මේ වනවිට විශාල ජාතික අවධානයක් යොමුවී තිබෙනවා. පවතින ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කටයුතු කරමින්, අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගනිමින්, විසඳීමට නොහැකි වූ ගැටලු පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන්, සම්මුතියෙන් අදාල බලධාරීන් වෙත යොමුකළ බවත්, එසේද නොවිසඳුනු ගැටළු පිළිබඳව අවසන් තීරණයක්‌ සඳහා දින නියම කර තිබූ බව සියලු පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබෙනවා. එම නිසා මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු උසස් නිලධාරීන් උත්තර කරුවන් වන්නේ නැහැ. එම නිලධාරීන් නිරන්තරයෙන්ම මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා දැනුවත් කර අද දිනයේ ම කටයුතු කර මහජනතාව පීඩනයට පත් වීම නතර කළ යුතුයි. කුමන දෙපාර්තමේන්තුව හෝ මෙලෙස ත්‍රස්තවාදයක් රට තුල ක්‍රියාත්මක වීමට ඉඩදිය නොහැකියි.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ දී විශේෂ සාකච්ඡාවක් ලබා දී ඇති බැවින් මෙම වෘත්තීය සමිතියට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යවරයා ලෙස මා දැනුම් දී තිබෙනවා. දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිලධාරීන් ද ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා.”