ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එම පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පවත්වා තිබේ.