28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුවියකට හදි කළ අයෙක් දිවි හැර යයි

සිසුවියකට හදි කළ අයෙක් දිවි හැර යයි

යාපනය ප්‍රදේශයේදී 15 හැවිරිදි සිසුවියක් දූෂණය කොට පලා යමින් සිටි සැකකරුවෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 47ක යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ ඊයේ (11) ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු මඳක් දුරින් පිහිටි ගසක අත්තක ගැට ගැසු ලණුවක ආධාරයෙන් එල්ලී සියදිවි හානි කරගෙන ඇති බවයි.

එය දුටු පොලිසිය නිලධාරින් වහාම ලණුව කපා ඔහුව කරෙයිනගර් රෝහලට ඇතුළත් කොට ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. එහිදීයි සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

කරෙයිනගර් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.