― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහරක් කටා CIDයෙන් පැනයන්න උත්සාහ දරලා

හරක් කටා CIDයෙන් පැනයන්න උත්සාහ දරලා

මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොර බදා ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.

දැනට රැඳවුම් නියෝග ලබා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ප්‍රශ්න කිරීම සඳහා පසුගියදා (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ඇති අතර හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේද සහාය ලැබී ඇති බායි පොලීසිය පවසන්නේ.

මේ වනවිට අදාළ කොස්තාපල්වරයා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී හරක් කටාට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයෙකු එහි සිටි පොලිස් නිලධාරීන්ට තමා නිවසින් රැගෙන ආ බව පවසා කිරිටොෆි වර්ගයක් ලබාදී ඇති අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු මත්වී ඇති බවයි පොලීස් ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේනමුත් හරක් කටාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ඉල්ලීම මත ඔහුව වැසිකිළියට රැගෙන ගොස් ඇති අතර මාංචු ද ගලවා ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් වන අතර හරක් කටාගේ මාංචු ලිහිල් කළ කොස්තාපල්වරයා නැවත මාංචුවල යතුරු ලා නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රශ්න කිරීම් සඳහා නැවතත් ගෙනඑන ලද හරක්කටා මඳ වේලාවකට පසු විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොරබදා ඔහුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරක්කටා සමග පොරබදා ඔහුව මෙල්ල කරගැනීමට සමත් වී ඇති අතර හරක් කටාට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට පළා ගොස් තිබේ.

ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

මේ අතර රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අවසර ලබා දී තිබේ.