30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රසීලයෙන් එවූ පාර්සලයක කෝටි 19ක කොකේන්

බ්‍රසීලයෙන් එවූ පාර්සලයක කෝටි 19ක කොකේන්

බ්‍රසීලයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ පාර්සලයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2.5ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සොයාගෙන තිබේ.

මෙම කොකෙන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 19ක් ලෙස ගණන් බලා ඇති අතර කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඪ්Hළ් ආයතනයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් (12) දින රාත්‍රියේ මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් තැපැල් පාර්සලය ඉකුත් (21) දින කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර ඒ තුළ වූ වොලිබෝල් දැළක උඩ සහ යට දාර වලට අඩි 67 ක් දිග අතිරේක ප්ලාස්ටික් බටයක් ඇතුළු කර, ඒ තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස සගවා තිබුණි.

මෙම අත් අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අතර එහිදී නවතම ක්‍රමයක් භාවිතා කර මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සිය කෘතවේදිත්වය පළ කළේය.

මෙම පාර්සලය භාර ගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමිකරු විසින් බලය පවරා කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරියේදී මෙම ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක් කර, ඒ බැව් තහවුරු වීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම රසායනික පිරික්සුම් කට්ටල ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ අතර ඒවා මගින් තත්පර කීපයක් වැනි කෙටි කාළයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිසැකව හදුනා ගත හැකි වී තිබේ.

එහෙත් මීට පෙර අවස්ථාවලදී මෙම මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යවා අවශ්‍ය තහවුරු කර ගැනීම සිදු කළ යුතු අතර ඒ සදහා විශාල කාලයක් ද වැය වේ.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.